Friday, April 26, 2024

General line - 0115112241

16ය ගැන විපක්ෂයේ විවේචනවලට ගම්මන්පිල පිළිතුරු දෙයි

දිල්ශාන් තුෂාර




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම රටේ අනාගත ඉරණම විසඳන  තීරණාත්මක කණ්ඩායමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උයද ගම්මන්පිල පවසනවා. කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී මන්ති‍්‍රවරයා ඒ පිිළිබඳ මෙලෙස කරුණු දැක්වුවා.

මහින්ද රාජපක්ෂ මහතාට රට භාරදෙන විට 16 කණ්ඩායමේ අවශ්‍යතාවය වැදගත් බවත් ඉදිරියේදී ඔවුන් මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත් කාර්යක් ඔවුන් සතුව තිබෙන බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ බලය පිහිටුවීමේදී මේ පිරිසගේ උපකාරය අවශ්‍ය බවද මන්ත්‍රිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

පූජය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිර දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මෙහිදී අදහස් පළ කළා.