Friday, April 26, 2024

General line - 0115112241

සුපිරි පාපන්දු ක්‍රීඩකයාට IS සංවිධානයෙන් මරණ තර්ජන

දිනුක් හේවාවිතාරණ




ඉස්ලාමිය අන්තවාදීන් විසින් ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසිට මරණ තර්ජන එල්ල කර තිබෙනවා. ඔවුන් විසින් ලයනල් මෙසිට තර්ජන කරන දෙවන අවස්ථාවද මෙය වනවා.

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඉස්ලාමිය අන්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවුයේ මිට මාස කිහිපයක සිටය.

ඉස්ලාමිය අන්තවාදීන් විසින් අවස්ථා ගණනාවකදී අන්තර්ජාලය හරහා විවිධ පෝස්ටර් සහ ජයාරූප ප්‍රදර්ශනය කර තිබුනා. මේ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා අමතර ආරක්ෂාවක් යෙදවීමටද රුසියාව කටයුතු කළා.

සිය නවතම අනතුරු ඇඟවීම ඊයේ (18) රාත්‍රියේ නිකුත් කිරීමට ඉස්ලාමිය අන්තවාදීන් විසින් කටයුතු කළා.  ආජන්ටිනාවේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන ලයනල් මෙසීව පාපන්දු ක්‍රීඩා පිටියක් මැද දණගස්වා ඔහුගේ ගෙල කපා ඝාතනය කරන අයුරු ඔවුන් දෙවන වරටත් පෝස්ටරයක් මගින් එළිදක්වා තිබෙනවා. එම පෝස්ටරයේ " ඉවසිලිවන්තව අවදානයෙන් සිටින්න.දඩයම් කාලය එළැඹ තිබෙනවා" යනුවෙන් සටහන් කර තිබෙනවා.

ලෝන් වුල්ෆ් ජිහාඩ්වරුන් (Lone-wolf jihadists) යන අනවර්ථ නාමයෙන් හදුන්වනු ලබන මෙම ඉස්ලාමිය අන්තවාදීන් විසින් මෙම තර්ජනය කිරීම් සිදුකර ඇති අතර ඔවුන් විසින් මෙවර නිකුත් කර ඇති ජයාරූප කිහිපය තුල මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්, රුසියාවේ ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ආදිය දැක්වෙන අයුරුදක්නට ලැබෙනවා.