Saturday, May 4, 2024

General line - 0115112241

සිය කුළුදුල් දරුවා බිහිකරමින් නවසීලන්ත අගමැතිවරිය තැබු වාර්තාව

දිනුක් හේවාවිතාරණ-විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නවසීලන්ත අග්‍රාමාත්‍ය ජේසින්ඩා ආර්ඩේන් සිය කුළුදුල් දරුවා අද (21) බිහිකළ බවට  BBC පුවත් සේවය වාර්තා කරනවා. නවසීලන්ත අගමැතිවරිය බිහිකර ඇත්තේ ගැහැණු දරුවෙක් බවත් දෙදෙනාම සුවයෙන් සිටින බව සදහන්.

මෑත ඉතිහාසයේ බලයේ සිටින රාජ්‍ය නායිකාවක් දරු ප්‍රසුතියක් සිදුකල ලොව දෙවන අවස්ථාව මෙය වනවා. 

දරුවා බිහිකිරිම සදහා වෛද්‍යවරුන් ලබාදී තිබු කාලය ඉක්මවා දින 04 කට පසුව නවසීලන්ත අගමැතිවරිය අද සිය දරුවා බිහි කළා.

37 හැවිරිදි නවසීලන්ත අගමැතිවරිය තම රටේ නිතියට අනුව දරු ප්‍රසුතියට පෙර ලබා ලබා ගත හැකි සති 06 ක ප්‍රසුත නිවාඩු ලබා ගෙන ඇති අතර එම කාලයේදි අගමැතිධුරයේ වැඩ බැලීමට උප අගමැති වින්ට්සන් පීටර්ස් පත් කර තිබුනා.

කෙසේ වුවත් නවසීලන්ත අගමැතිවරිය සිය ප්‍රසුත නිවාඩු සමයේදි පවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන කැබිනට් පත්‍රිකාවන් අධික්ෂණයට ලක් කළ බව වාර්තා වනවා.

"අද මම බෙහෙවින් සතුටු වන දවසක්, ඒ වගේම රෝහලේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිය පුදකරනවා" යැයි නවසීලන්ත අගමැතිවරිය සිය Instagram සමාජ ජාලා අඩවියේ සටහනක් තබමින් කියා සිටිනවා.