Friday, April 26, 2024

General line - 0115112241

හෝටලයක් ළඟ මනුෂ්‍ය ඝාතනයක්




ගල්කිස්ස, ශී‍්‍ර ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක් අසලදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ එම ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

දෙපිරිසක් අතර කලකට ඉහත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.