Saturday, April 27, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැහැදිළි කිරීමක් ඉල්ලයි (UPDATE)

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න/නිශාන් ද සිල්වා




පර්පවුවෙල් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මුදල් ලබා දීමෙන් විශ්ව විද්‍යාල පද්ධතියේ සිටින 20,000 කට අධික පිරිසකට බලපෑම් එල්ල වන තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ පිළිබඳ වහාම පැහැදිළි කිරීමක් සිදු කළ යුතු බවයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ.

මෙම ගනුදෙනුවට අදාළ නිශ්චිත තොරතුරු කිසිවක් මේ දක්වා ලැබී නොමැති බවයි මහාචාර්යවරයා මෙහිදී කියා සිටියේ.

ශී‍්‍ර ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසන පරිදි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ 2017 වැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 42,000ක්. ප‍්‍රතිපාදන කොමිසමේ අරමුදලෙන් රුපියල් මිලියන 1000ක් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවට සපයා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නෙත් නිවුස් අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයෙන්ද විමසීමක් කළා. එහි සභාපති එඞ්වඞ් මල්වත්තගේ කියා සිිටියේ විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලෙන් යම් පාඩුවක් සිදුව ඇත්නම් ඊට එරෙහිව පියවර ගන්නා බවයි. 

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ද කියා සිටියේ මෙම ගනුදෙනුවෙන් සිදුවිය හැකි බලපෑම සුළුපටු නොවන බවයි.

පර්පවුවෙල් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මුදල් ලබා දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් කි‍්‍රයාත්මක බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි නෙත් නිවුස් වෙත කියා සිටියා. එම අරමුදල් නැවත ලබා ගැනීමට නීතිමය පියවර ගන්නා බව ද අදහස් දක්වමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

---------------------------------

බැඳුම්කර ගනුදෙනුවට ලබාදී ඇති මුදල් ගැන තහවුරු කර ගනී

(25-06-2018 08:13)

 

පර්පවුවෙල් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මුදල් ලබා දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කි‍්‍රයාත්මක බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි කියා සිටියේ එලෙස ලබා දී ඇත්තේ ප‍්‍රතිපාදන කොමිසම සතුව ඇති සේවක අර්ථ සාධාක අරමුදලක මුදල් බවට තහවුරු වී ඇති බවයි.

එම මුදල් අදාළ සමාගමට ලබා දී ඇත්තේ එහි ගිණුම පවත්වාගෙන ගිය බැංකුව විසින් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව එම මුදල් යළි ලබා ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් කියා සිටියේ මෙලෙස අරමුදල් සැපයීම හරහා විශාල පාඩුවක් සිදුව ඇති බවයි. 

මෙම ගනුදෙනුව හරහා ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල වන්නේ මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ද විමසීමක් කළා. 

මෙම ගැටලූව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පද්ධතිය නිහඬව නොසිටින බවත්, ගනුදෙනු හරහා සැමට බලපෑමක් එල්ල වන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශී‍්‍ර ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසන පරිදි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ 2017 වැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 42,000ක්. ප‍්‍රතිපාදන කොමිසමේ අරමුදලෙන් රුපියල් මිලියන 1000ක් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවට සපයා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.