Friday, April 26, 2024

General line - 0115112241

බ‍්‍රසීලය සහ ජර්මනිය අද පාපන්දුවේ ඉරණම් තරගයට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝකයේ වැඩිම අවධානයක් දිනාගෙන සිටින පාපන්දු කණ්ඩායම් දෙකක් වන බ‍්‍රසීලය සහ ජර්මනිය තීරණාත්මක තරග දෙකකට අද (27) සහභාගී වනවා. මෙම තරග දෙකේ ප‍්‍රතිඵල මත මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ අනාගත ඉරණම තීරණය වනු ඇති. 

බ‍්‍රසීලය තරග වදින්නේ සර්බියාවට එරෙහිවයි. එම තරගයෙන් ජය ගන්නා  ඕනෑම කණ්ඩායමකට 16 වටයට සුදුසුකම් ලැබිය හැකි වනවා. එම කාණ්ඩයේ ස්විස්ටර්ලන්තය සහ කොස්ටරිකා රාජ්‍ය අතර තරගය ද අද පැවැත්වෙනවා. එම තරගයෙන් ස්විස්ටර්ලන්තය ජයගතහොත් ඔවුන්ට දහසයේ වටයට සුදුසුකම් ලැබිය හැකියි. මේ වනවිට E  කාණ්ඩයේ පෙරමුණේ පසුවන බ‍්‍රසීලය ප‍්‍රසාද ලකුණු 04ක්ද ස්විස්ටර්ලන්තය ප‍්‍රසාද ලකුණු 04ක් ද ලබා සිටිනවා. සර්බියාවට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 03ක්. 

ජර්මනියේ ඉරණම විසදෙන තරගය අද පැවැත්වෙන්නේ දකුණු කොරියාව සමඟයි. 16 වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය ජය ගැනීම ජර්මනියට අනිවාර්ය වනවා. ජර්මනිය ද අයත් F කාණ්ඩයේ තීරණාත්මක තරගයක් මෙක්සිකෝව සහ ස්වීඩනය අතර අද පැවැත්වෙනවා. එම තරගයෙන් ස්වීඩනය ජයගතහොත් ඔවුන්ට ද දහසයේ වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් උදාකර ගත හැකියි. ඒ, මේ වනවිට ජර්මනිය සහ ස්වීඩනය ප‍්‍රසාද ලකුණු 03 බැගින් ලබා සිටීම හේතුවෙන්.