Friday, April 26, 2024

General line - 0115112241

අනූෂා කොඩිතුවක්කුට තවත් බොක්සිං ලෝකඩ පදක්කමක්

කසුන් කැළුම්





මොංගෝලියාවේ පැවැති උලන්බතාර් අන්තර්ජාතික බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අනූෂා කොඩිතුවක්කු සමත්වී තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන්. ඇය ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක්ද දිනා දුන්නා. මොන්ගෝලියාවේ පැවැති මෙම අන්තර්ජාතික බොක්සිං තරගාවලිය සඳහා රටවල් 08ක් නියෝජනය කරමින් කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් 120කට අධික පිරිසක් තරග වැදුනා.