Saturday, April 27, 2024

General line - 0115112241

ඊශ‍්‍රායලය එල්ල කළ ප‍්‍රහාරයකින් පලස්තීන දරුවෙකු මරුට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පලස්තීන විරෝධතාකරුවන් පිරිසක් ඉලක්ක කර ඊශ‍්‍රායලය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මියගිය දෙදෙනා අතර 14 හැවිරිදි පිරිමි දරුවෙකුද වන බවයි විදෙස් වාර්තා පැවසුවේ. හිසට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් එම දරුවා ජිවිතක්ෂයට පත්ව තිබුණා. 

මියගිය අනෙක් පුද්ගලයා 24 හැවිරිදි තරුණයෙක්. ඊශ‍්‍රායලයේ ප‍්‍රහාර හමුවේ තවත් විරෝධතාකරුවන් 415 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතර සිටින 11 දෙනෙකු කුඩා දරුවන්.