Friday, April 26, 2024

General line - 0115112241

Whats App ඔස්සේ පැතිරී ගිය අසත්‍ය පුවතක් නිසා ඉන්දියාවේ මරණ 03ක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශරීර කොටස් ලබා ගැනීම සඳහා ළමුන් පැහැර ගන්නා බවට පැතිර යන කට කතා හේතුවෙන් ඉන්දියාවේ ටි‍්‍රපියුරා ප‍්‍රාන්තයෙන් පුද්ගල මරණ කිහිපයක් වාර්තා වනවා. එරට මාධ්‍ය පවසන්නේ මෙම සිද්ධිය හමුවේ දින 02ක් ඇතුලත පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

වකුගඩු වැනි ශරීර කොටස් ලබා ගැනීම සඳහා ජවාරම්කරුවන් පිරිසක් විසින් ළමුන් පැහැර ගන්නා බවට ප‍්‍රාන්ත වැසියන්ගෙන් ඇතැමෙක් වට්ස්ඇප් හරහා ව්‍යාජ තොරතුරු පතුරුවා හැර තිබෙනවා. එහෙත් එම ප‍්‍රචාර අසත්‍ය බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

අදාළ ප‍්‍රචාර අසත්‍ය බව පවසමින් සිටි පුද්ගලයෙකු ඊයේ (29) ශබ්ද විකාශන යන්ත‍්‍රයක් ආධාරයෙන් ප‍්‍රාන්ත වැසියන් දැනුවත් කරමින් සිටියදී පහරදී ඝාතනය කර තිබුණා.

ඊට අමතරව ප‍්‍රාන්ත වැසියන්ගේ පහරදීම් වලට ලක්ව තවත් පුද්ගලයින් 05 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් අතර පොලිස් නිලධාරියෙකුද වන බව සඳහන්.

කෙසේවෙතත් වර්ධනය වෙමින් ඇති ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුලදී තී‍්‍රපූර් ප‍්‍රාන්තය තුළ අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමට බලධාරීන් තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. ඉකුත් මාසය තුලදි සමස්ථ ඉන්දියාවේනම් මෙවැනි ඝාතන සිද්ධින් 25ක් වාර්තා වී ඇති බවද ඉන්දීය මාධ්‍යන්හි සඳහන්.