Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්ධන නිෂ්පාදනය ඉහල දමන්න: ට්‍රම්ප් සෞදියෙන් ඉල්ලයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වැඩිවෙන ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා දෛනික ඉන්ධන නිෂ්පාදනය ඉහළ දමන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබි රජුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් හරහා ජනපති ට්‍රම්ප් සඳහන් කරන්නේ තමන් සෞදි රජුට දුරකතනයෙන් ඒ සම්බන්දයෙන් සාකච්ජා කළ බවයි." දෛනිකව ඉන්ධන බැරල් මිලියන 2ක් වත් අවම වශයෙන් නිකුත් කිරීම තුලින් පවතින මිල ඉහළ යාම පාලනය කර ගැනීමට හැකි වේවි යැයි තමා යෝජනා කළ බවත් සෞදි රජු ඒ ගැන එකඟ වූ බව" ද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් කියා තිබුනා.

ඉදිරි දිනවල අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කරනු ඇති බවට පලවන වාර්තා හේතුවෙන් ඉකුත් සතියේ බොරතෙල් මිල යලි ඉහල ගියා.

ජනපති ට්‍රම්ප් සහ සෞදි රජු අතර දුරකථන සාකච්ජාවක් සිදුවූ බවට සෞදි පුවත් සේවය තහවුරු කර ඇති අතර දෛනිකව බොර තෙල් බැරල් මිලියන 02ක් නිෂ්පාදනය සඳහා  සෞදි රජු එකඟ වුවාද යන්න ගැන තහවුරු කර නැති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.