Wednesday, May 8, 2024

General line - 0115112241

වසර 21 ක් පැරණි හැරී පෝටර් කෘතියට ලද වටිනාකම

දිනුක් හේවාවිතාරණ




මිට වසර 21 කට පෙර එවකට පාසල් දැරියක් විසින් මිලදී ගනු ලැබූ "හැරී පෝටර් ඇන්ඩ් ද ෆිලෝසොපොර්ස් ස්ටොන්" හි දුර්ලභ පළමු සංස්කරණයේ පොතක් බ්‍රිතාන්‍ය පවුම් 56,250 කට (ශ්‍රී ලංකා මුදලින් මිලියන 1.2 ක මුදලකට) වෙන්දේසියකදී විකිණී ඇති බව Dailymail වෙබ් අඩවිය වාර්තා කරනවා.
 
පළමු පියවර ලෙස මෙම ග්‍රන්තයේ පොත් 500 ක් 1997 වසරේදී මුද්‍රණය කළ අතර එහි තිබු අක්ෂර සහ වචන වල පැවති වැරදි දෙවන මුද්‍රණයේදී නිවැරදි කරනු ලැබුවා.

කර්තෘ ජොඈන් රෝලින් නමින් පළමු හැරී පෝටර් පොතේ නම මුද්‍රණය කරනු ලැබූ අතර පසුව ඇය ප්‍රසිද්ධියට පත් වීමත් සමග ජේ. කේ. රෝලින් ලෙස නම් හදුන්වනු ලබනවා.

නම සඳහන් නොකරනු ලැබූ තරුණිය විසින් ඇයට වයස අවුරුදු 11 දී බ්‍රිතානයේ හාරගෝට් දුම්රිය ස්ථානය අසල වෙළදාමේ යෙදී සිටි පොත් වෙළෙන්දෙකුගෙන් මෙම හැරී පෝටර් පොත මිලදී ගෙන තිබෙනවා. 

ඇමෙරිකානු පෞද්ගලික එකතුකරුවෙක් විසන් පුද්ගලික වෙන්දේසි ආයතනයක් වන "බොන්හැම්ස්" හිදී බ්‍රිතාන්‍ය පවුම් 56,250 කට ලංසු තබා මිලදී ගෙන තිබෙන බවයි Dailymail වෙබ් අඩවිය සඳහන් කරන්නේ.