Friday, April 26, 2024

General line - 0115112241

පාපන්දු ලෝලීන් මවිත කරමින් ජය දෙපිල අතරම දෝලනය වූ රුසියා - ස්පාඤ්ඤ තරගය අවසාන වුන හැටි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (01) පැවති තීරණාත්මක තරගයෙන් ගෝල 3-4 ක් ලෙස ස්පාඤ්ඤය පරාජය කරමින් අර්ධ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට සත්කාරක රුසියාව සමත් වුනා.

තරගයේ පළමු අර්ධයේදී ජර්මානු ක්‍රීඩක Sergei Ignashevich අතින් සිදුවූ අත්වැරදීමක් නිසා ඔවුන්ගේ (රුසියාව) දැල තුලට පන්දුව එල්ලවීම හේතුවෙන් ස්පාඤ්ඤ කණ්ඩායම් ඉදිරියේ ගෝලයක් සටහන් වුනා.

පළමු අර්ධය අවසානයේදී ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටි ස්පාඤ්ඤ කණ්ඩායමට තියුණු තරගයක් දුන් රුසියාව දඬුවම් පහරකින් තරගයේ දෙවන අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. 

තරගයේ නියමිත විනාඩි 90 ක් අවසානයේදී ගෝල 1-1 ක් ලෙස තරගය සම වීම නිසා අමතර කාලය ලබා දීමට විනිසුරුවරුන් පියවර ගනු ලැබුවා. නමුත් නියමිත විනාඩි 30 අමතර කාලය තුලදීද ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වීම නිසා අවසානයේදී දඬුවම් පහරවල් කරා යාමට සිදුවිය.

එහිදී රුසියාව ගෝල 4 ක් වාර්තා කළ අතර ස්පාඤ්ඤයට වාර්තා කිරීමට හැකිවුයේ ගෝල 3 ක් පමණි. ස්පාඤ්ඤ ක්‍රීඩකයින් පිළිවලින් 3 වන හා 5වන දඬුවම් පහරවල් සාර්ථක කර ගැනීමට නොහැකිවීම කැපී පෙනුනා.

වීඩියෝව මෙතැනින් නරඹන්න