Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රසීල නායකයාගේ ක්‍රීඩා විලාශය ගැන චෝදනාවක් (PHOTOS)(VIDEO)

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ නායක නේමාර් ද සිල්වාගේ ක‍්‍රීඩා විලාශය ලැජ්ජා සහගත බව මෙක්සිකෝ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ජුවාන් කාලෝස් පවසනවා.

දෙපිල අතර ඊයේ (02) පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරගයෙන් අනතුරුවයි ඔහු මේ බව පැවසුවේ.

මෙම තරගයේ දී ගෝල දෙකට බිංදුවක් ලෙස ජය හිමි කර ගැනීමට බ‍්‍රසීලය සමත් වුණා. එහෙත් නේමාර් ද සිල්වා එහිදී ක‍්‍රීඩා කළ විලාශය පාපන්දු ක‍්‍රීඩාවේ ජීව ගුණයට හානිකර බවයි මෙක්සිකෝ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ජුවාන් කාලෝස් පෙන්වා දෙන්නේ.

නේමාර් ද සිල්වා කල කී දේ නිසා තරගයේ සැලකිය යුතු වේලාවක් තමන්ට අහිමි වූ බවද විනිසුරුවරයා පවා බ‍්‍රසීලයට පක්ෂපාතී ලෙස කටයුතු කළ බවද මෙක්සිකෝ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වැඩිදුරටත් කියා සිටියා.

(වීඩියෝව මෙතැනින් නරඹන්න)