Friday, April 26, 2024

General line - 0115112241

ලොව පුරා සිටින අන්තර්ජාල පරිශීලකයින් සඳහා 'ගූගල්' අනතුරු ඇඟවීමක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා සිටින අන්තර්ජාල පරිශීලකයින් සඳහා ගූගල් ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

ඒ ‘‘ජී මේල් ’’ සම්බන්ධයෙන්.

ඒ අනුව ගූගල් ආයතනය පවසන්නේ ජී මේල් හරහා යොමු කෙරෙන හා ලැබෙන පණිවුඩ භාහිර තෙවන පාර්ශ්වයකට නිරික්ෂණය කළ හැකි බවයි. 

සංචාරක සැලසුම් සහ මිල සැසඳුම් වැනි සේවා සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් තෙවන පාර්ශ්වන් මැදිහත් කර ගැනීම් සිදු කරනවා. එවැනි අවස්ථාවල ගූගල් හරහා යොමු කෙරෙන හා යොමු වන පණිවුඩ කියවීමට, යොමු කිරීමට මෙන්ම මකා දැමීමටද එම පාර්ශ්වයන් වෙත අවස්ථාව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම කි‍්‍රයාව සිය ප‍්‍රතිපත්තිවලට පටහැනි නොවන බවද ගූගල් ආයතනය ප‍්‍රකාශ කර තිබුණා. 

එහෙත් සිය පරිශිලකයින්ගේ දත්ත භාවිතය අවදානමකට ලක්ව ඇති මෙවැනි අවස්ථාවක එම ආයතනය තෙවැනි පාර්ශ්වයක් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පුදුම සහගත බවයි ජාත්‍යන්ත විශ්ලේෂකයින් පවසන්නේ. 

ජී මේල් යනු ලොව ජනපි‍්‍රයම ඊ මේල් සේවාව වන අතර ලොව පුරා විසිර සිටින බිලියන 1.4ක පමණ පිරිසක් ජී මේල් පරිශීලනය කරන බව විදෙස් වාර්තාවන්හි සඳහන්.