Friday, April 26, 2024

General line - 0115112241

" සියදිවි හානිකර ගන්න, නැත්නම් මරා දමනවා"- කොලොම්බියානු ක්‍රීඩකයින්ට මරණ තර්ජන (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




එංගලන්තය සමග ඊයේ (03) පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයේදී දඬුවම් පහරවල් දෙකක් එල්ල කිරීමට අපොහොසත් වූ කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක්ට මරණ තර්ජන එල්ලවී ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයින් වන  Mateus Uribe සහ Carlos Bacca දෙදෙනාට එරට පාපන්දු ක්‍රීඩා ලෝලීන් සහ විවිධ පාර්ශවයන් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර තිබෙනවා.

එංගලන්තය සමග ඊයේ පැවති තරගයෙන් කොලොම්බියාව ගෝල 4-3 ක් වශයෙන් පරාජය ලැබුවා.

මේ අතර වැඩිම තර්ජනයට ලක්ව සිටින ක්‍රීඩකයා වන්නේ Carlos Bacca ය. ඔහු විසින් එල්ල කල දඩුවම් පහර එංගලන්ත කණ්ඩායමේ දැල් රකින්නා විසින් සාර්ථකව මැඩ පවත්වනු ලැබුවා. එම දඬුවම් පහර Carlos Bacca විසින් එල්ල කළ අසාර්ථකම දඬුවම් පහර ලෙස ඔහුගේ ක්‍රීඩා ලෝලීන් විසින් එය හදුන්වා තිබුනා.

" ඔබම සියදිවි හානිකර ගන්න, නැත්නම් ආපහු කොලොම්බියාවට පැමිණි ගමන් මරා දමනවා" යනුවෙන් Carlos Bacca හට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

1994 වර්ෂයේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී පාපන්දු ක්‍රීඩක Andrés Escobar අත්වැරදීමකින් තම කණ්ඩායමේම දැල තුලට පන්දුව යොමු කිරීම හේතුවෙන් කොලොම්බියානු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා. එයින් කෝපයට පත්වූ පුද්ගලයෙකු 1994 වර්ෂයේ ජුලි මස 02 වෙනිදා Andrés Escobar හට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. එම ඝාතනය සිදුවී වසර 24 ක් සපිරිනු දිනයේදී කොලොම්බියානු ක්‍රීඩකයින් දෙදෙනෙකුට යලිත් ලෝක කුසලාන තරගාවලියක් තුලදීම මරණ තර්ජන එල්ලවීම දෛවෝපගත සිදුවීමක් ලෙසයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එංගලන්ත සහ කොලොම්බියානු තරගයේ විශේෂ අවස්ථා 


Andrés Escobar අත්වැරදීමෙන් වාර්තා කල ගෝලය මෙතනින් නරඹන්න