Friday, April 26, 2024

General line - 0115112241

යතුරුපැදියක් කඩාවැදී බස් නැවතුම පොළවට සමතලා කළ හැටි (PHOTOS)

ජයන්ත වීරසේකර 




අද (05) උදෑසන සිදු වූ අනතුරකින් බස් නැවතුමක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම මංසන්ධියේ දී උදෑසන 6.00ට පමණ සිදු වූ මෙම අනතුරින් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා මොණරාගල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැල්ලවාය දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ බස් නැවතුමක ගැටී මෙම අනතුර සිදු වී තිබුණා.

යතුරුපැදිය බස් නැවතුමේ ගැටීමත් සමග බස් නැවතුම සම්පූර්ණයෙන්ම කැඩී විනාශ වී පොළවට සමතලා වී ගිය බවයි සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ.

අද දින මොණරාගල ප්‍රදේශයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් සඳහා ගමන් කරමින් සිටි වැල්ලවාය පරගස්මංකඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වූ තරුණයෙක් මෙම අනතුරට ලක් වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.