Saturday, April 27, 2024

General line - 0115112241

අනුරාධපුර තිදරු පියාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි (UPDATE)

කසුන් කැලුම් /ලහිරු කපුගේ




අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අද (08) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 

-------------------------------

අනුරාධපුර තිදරු පියාගේ ඝාතකයින් පවුල් පිටින් අතුරුදන් (UPDATE)

(08-07-2018 09:15)

 

අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිය පවුල්වල සාමාජිකයින් සමග අතුරුදන්ව ඇති බව නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසටද මේවනවිට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප‍්‍රබල අමාත්‍යවරයෙකු විසින් ආරක්ෂා කරන බවටද වාර්තා පළ වුණා. එම චෝදනාවට නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

එහිදී "දේශපාලඥයින්ව ආශ්‍රය කරපු අය වෙන්න පුළුවන් ඔය පිරිස්.. නමුත් මෙම වැරදිකරුවන් කිසිම දේශපාලඥයෙකුගේ රැකවරණ යටතේ ඉන්නේ නෑ කියන එක මට සියයට සියක්ම සහතිකව කියන්න පුළුවන්. කොහොම වුනත් මෙම සිද්ධියේ පරීක්ෂණ කටයුතු සිදු වෙනවා." යනුවෙන් සඳහන් කළා.

මෙම ඝාතන සිද්ධියේදී පොලීසිය සිය රාජකාරිය පැහැර හැර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණී ලොකුගේ පැවසුවේ. සිදුකරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය රාජකාරී සිදු කළේ නම් මෙම මරණය සිදු නොවන්නට ඉඩ තිබුණු බවයි ඔහු සඳහන් කළේ.

 

------------------------------------------------

අනුරාධපුර තිදරු පියාගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ

(08-07-2018 05:44)

 

අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ තිදරු පියාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිය දරුවන්ට සහ තමන්ටද මරණ තර්ජන එල්ල වී ඇති බවයි ඝාතනයට ලක්වූ සුජීව ප‍්‍රසන්න කුමාර නැමැත්තාගේ බිරිඳ සඳහන් කළේ.

 

ඝාතනයට ලක්වූ සුජීව ප‍්‍රසන්න කුමාර නැමැත්තාගේ නැගණියද මෙලෙස අදහස් දැක්වුවා.

 

පොලීසිය පැවසුවේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. කෙසේවෙතත් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් සමත්වී නැහැ.