Saturday, April 27, 2024

General line - 0115112241

අනුරාධපුර තිදරු පියාගේ ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුට (UPDATE)

කසුන් කැළුම්/ ලහිරු කපුගේ/හරිත පෙරේරා




අනුරාධපුරයේ සිදු වූ තිදරු පියාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු තම්මැන්නාව ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්. ඔවුන් අවුරුදු 32 සහ 33 යන වයස්වල පසුවන්නන්. ඝාතනය සඳහා යොදා ගත් කඩු 03ක් ද සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන එහි ප‍්‍රධාන සැකකරු සහ තවත් අයෙකු නොච්චියාගම නගරයේදී අත්අඩංගුවට ගැණුනා. 

මේ අතර අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ තිදරු පියාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විවාදාත්මක තත්වයක් මතුව තිබෙනවා. ඒ, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පාර්ශවයෙන් සිදු කරන ඇතැම් ප‍්‍රකාශ පොලිසිය විසින් අද ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගේ ප‍්‍රධානත්වයෙන් අද දහවල් පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ වුණා. එහිදී ඔහු කියා සිටියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ පිරිස් සිදු කරන ඇතැම් ප‍්‍රකාශ සාවාද්‍ය බවයි.

 

දෙපාර්ශවයෙන්ම මීට පෙර සිදු කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ක‍්‍රියාත්මක කළ බවත් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට කිසිදු බලපෑමක් නොමැති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. 

........................................................................................................................................

අනුරාධපුරයේ ඝාතනය වූ තිදරු පියා ගැනත් පොලිසිය හෙළිකරයි

(08-07-2018 12:34)

අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අද (08) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අනුරාධපුර ප‍්‍රදේශයේදීයි.

රම්පටි දේවගේ චමින්ද පුෂ්පකුමාර  හෙවත් පුල්ලෙයාර් චමින්ද සහ නාලක සුමේධ විජේසිරි යන අය මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඉකුත් දා මෙලෙස පහර දී ඝාතනය කර තිබුණේ සුජීව ප‍්‍රසන්න කුමාර නැමැත්තායි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිවද අධිකරණයේ නඩු 05ක් පවතින බවයි. ඒ අතර ස්ත්‍රී දූෂණ චෝදනා නඩුවක්ද වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)