Saturday, April 27, 2024

General line - 0115112241

ගායන ශිල්පී ප‍්‍රියානි ජයසිංහගේ සැමියා 23වනදා දක්වා රිමාන්ඞ් (UPDATE)

දිනුක් හේවාවිතාරණ / තරංග රුක්ෂාන් ජයසේකර / කපිල සෝමරත්න




ගායන ශිල්පී ප‍්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඇයගේ සැමියා මෙම මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චන්දන ලියනගේ අද (10) නියෝග කළා. 

ඒ, පානදුර දකුණ පොලිසිය මගින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරු සංවිධානාත්මක ලෙස ඝාතනය සිදු කර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළා. 

.............................................................................................................................................................

කතුරෙන් ඇන ගායිකාව ඝාතනය සිද්ධියේ  සැමියා අල්ලයි

(09-07-2018 11:06)

ගායන ශිල්පිනී ප‍්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

පානදුර අරුක්ගොඩ ප‍්‍රදේශයේ ඇය ජීවත් වූ නිවසේදී ඊයේ (08) රාත‍්‍රී 08.45ට පමණ මෙම ඝාතනය සිදුව තිබුණා.

සැකකාර සැමියා විසින් කතුරකින් ඇණ මෙම ඝාතනය සිදු කර තිබු බවයි පොලිසිය පැවසුවේ. දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරන්තරයෙන් පැවති ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙය සිදුවන්නට ඇති බවට සැක පළ වී තිබෙනවා. ඝාතනයෙන් පසු ඇයගේ සැමියා ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටියා. ඝාතනයට ලක්වන විට ප‍්‍රියානි ජයසිංහ 51 හැවිරිදි වියේ පසු වුණා. 

 

--------------------------------

කතුරෙන් ඇන ඝාතනය කළ ගායිකාවගේ තොරතුරු පොලිසියට අනාවරණය වෙයි (UPDATE)

(09-07-2018 06:40)

 

ගායන ශිල්පිනී ප‍්‍රියානි ජයසිංහ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. 

ඒ අනුව ඇය සහ ඇයගේ සැමියා අතර වසරක පමණ කාලයක සිට නිරන්තරයෙන් ගැටුම්කාරී තත්වයක් පැවති බවටයි පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

පානදුර අරුක්ගොඩ ප‍්‍රදේශයේ ඇය ජීවත් වූ නිවසේදී ඊයේ (08) රාත‍්‍රී 08.45ට පමණ ඇයගේ සැමියා විසින් කතුරකින් ඇණ මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදු කළ බව කියන ඇයගේ සැමියා ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඝාතනයට ලක්වන විට ප‍්‍රියානි ජයසිංහ 51 හැවිරිදි වියේ පසු වුණා. ඇය දෙදරු මවක්. 

 

 

--------------------------

කතුරෙන් ඇන ගායිකාවක් ඝාතනය කරයි 

(08-07-2018 21:59)

 

ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ ඇයගේ නිවසේදී කතුරකින් ඇන ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ සිය නිවසේදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ගායිකාවගේ ස්වාමිපුරුෂයා මෙම අපරාධය සිදු කරන්නට ඇති බවයි  පොලිසිය සැකපල කරන්නේ. මේ වන විට සැකකරු පළාගොස් තිබෙනවා.

ප්‍රියානි ජයසිංහා ගායනා කළ "කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන්" යන ගීත රසිකයින් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්වූ ගීත වුවා.