Saturday, April 27, 2024

General line - 0115112241

ෆේස්බුක් ආයතනයට දඩ පත්‍රයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ෆේස්බුක් ආයතනයට එරෙහිව දඩ මුදලක් පැනවීමට බි‍්‍රතාන්‍යයේ තොරතුරු නියාමන ඒකකය තීරණය කර තිබෙනවා.

ඒ, බි‍්‍රතාන්‍ය සමාගමක් මගින් එරට වැසියන්ද ඇතුළුව ලොව පුරා වෙසෙන ෆේස්බුක් පරිශිලකයින් මිලියන 87කගේ දත්ත අවභාවිතා කිරිමේ සිද්ධියට අදාළවයි.

බි‍්‍රතාන්‍යයේ තොරතුරු නියාමන ඒකකයේ කොමසාරිස්වරාය පවසන්නේ ෆේස්බුක් සමාගම සිය පාරිභෝගිකයින්ගේ රහස්‍ය හා පෞද්ගලික දත්ත ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් වන නිති කඩකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට ස්ටර්ලින් පවුම් ලක්ෂ පහක දඩ මුදලක් පැනවිමට බි‍්‍රතාන්‍ය තොරතුරු නියාමන ඒකකය තිරණය කර තිබෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 590 ක පමණ විශාල වෙලදපොළ වටිනාකමක් ඇති ෆේස්බුක් සමාගමට මෙම දඩ මුදල සුලූ අගයක් බවයි එහි කොමසාරිස්වරිය පැවසුවේ. 

කෙසේ වෙතත් අදාළ දඩ මුදල සම්බන්ධයෙන් සිය ආයතනය අවසන් තිරණයකට එළඹීමට පෙර සාකච්ඡාවක් සදහා එක්විමට වුවද ෆෙස්බුක් ආයතනයට හැකි බව බි‍්‍රතාන්‍යයේ තොරතුරු නියාමන ඒකකය පවසා තිබෙනවා.