Wednesday, May 8, 2024

General line - 0115112241

තමිලන් ගුණ්ඩු බෝම්බයක් සහ කොටි නිල ඇඳුමක් වෙල්ලමුල්ලි වයික්කාලෙන් හමුවෙයි - ගුවන් හමුදාවේ 3ක් අත්අඩංගුවට (PHOTOS)

රොමේෂ් මධුශංක




මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වළදමා තිබූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක් හා බෝම්බයක්, අධිකරණයේ නියෝග මත ඊයේ (10) සවස සිදු කරන ලද කැනීමකින් හමු වූ බවට මුලතිව් පොලීසිය පැවසුවා.

අදාල ස්ථානය ඊයේ දිනයේ කැනීම් කිරීමට පෙර මුල්ලිවයික්කාල් ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් තිදෙනෙකු මෙම ස්ථානය පසුගිය ජුනි 20 වනදා කැනීමක් කර තිබෙනවා. ඒ ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවය. කෙසේ වෙතත් එම කැනීම නීත්‍යානුකූල අවසරයෙකින් තොරව සිදු කිරීම හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් ගුවන් හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කරන ලද කැනීම් වලදී අඩි 5 ක් පමණ පොළව හෑරීමෙන් පසුව  කොටි සංවිධානයේ නිල ඇඳමක් සහ කොටි සංවිධානය විසින් නිෂ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති බෝම්බයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේ.