Friday, April 26, 2024

General line - 0115112241

වසර 30ක් තිස්සේ සිදුවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා උල්ලංඝණයක්! අගමැති හෙළිකරයි (VIDEO)




වසර 30ක් තිස්සේ සිදුවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (12) අනාවරණයක් කළා. රටේ සියලූම පාසල් සඳහා පුහුණු ගුරුවරුන් සහ ඉගැන්වීමේ සහතික සහිත ගුරුවරුන් පමණක් බඳවා ගත යුතු බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම විධිවිධාන පනවා තිබෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

1987 වසරේදී 13වන සංශෝධනය මගින් මෙම විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණු බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා. එහෙත්, අවශ්‍ය සුදුසුකම් නොමැති තැනැත්තන් පසුගිය වසර 30 පුරාම ගුරුවරුන් ලෙස බඳවා ගෙන ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

අධ්‍යාපන ක්ෂේත‍්‍රය ප‍්‍රමිතිගත කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. රටවල් ගණනාවක්ම මේවනවිටත් අධ්‍යාපනය සඳහා ප‍්‍රමිතීන් සකස් කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ශී‍්‍ර ලංකාවටද එවැනි ප‍්‍රමිතීන් හඳුන්වා දීමට කඩිනමින් කටුයතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට යෝජනා කරන බවද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.

විවිධ ක්ෂේත‍්‍ර යටතේ විශේෂ දක්ෂතා දැක්වූ දරු දැරියන්ට සුභග ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ අද පැවැත්වූ උත්සවයකදී අග‍්‍රාමාතයවරයා මෙම අදහස් පළ කළා.