Saturday, April 27, 2024

General line - 0115112241

මිසරෙයෙන් අමුතු මිනි පෙට්ටියක් මතුවෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මහා ඇලෙක්සැන්ඩර් රජුගේ දේහය තැන්පත් කර තිබෙන බවට සැක කෙරෙන ග්‍රැනයිට් වලින් තනන ලද මිනි පෙට්ටියක් සොයා ගැනීමට ඊජිප්තුවේ කැනීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

අඩි 6.5ක් පමණ උස මෙම මිනි පෙට්ටිය අඩි 10 ක් පමණ දිගින් යුක්ත වනවා. පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් ඊජිප්තුවේ, Alexandria හිදී සිදුකරන ලද කැණීමකදී මෙය හමුවූ බවයි.

ආක්‍රමණික නායකයෙක් වූ ඇලෙක්සැන්ඩර් රජු මියගියායින් පසු ඔහුගේ සිරුර ඔහු විසින් ඉදිකරන ලද Alexandria නගරයේ ඉහල කොටසේ තැන්පත් කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයින් සැක පළකර තිබුනා.

ඊජිප්තුවේ පුරාවිද්‍යා අමාත්‍යංශයේ නිලධාරින් පවසන්නේ ගලින් තනන ලද මෙම මිනි පෙට්ටිය වසර 2000 කට ඉහතදී මුද්‍රා තබන්නට ඇති බවයි.

ග්‍රැනයිට් උපයෝගී කර ගනිමින් සිදුකර තිබෙන මෙම මිනි පෙට්ටිය මතුපිට කිසිදු සලකුණක් හෝ සංකේතයක් නැති බවත් ඉක්මනින්ම මෙහි ඇතුලත් දේ ගැන කරුණු හෙළි කිරීමට විද්‍යාඥයින් බලාපොරොත්තුවෙන් සිටිනවා.