Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති බ්‍රිතාන්‍ය මහ රැජිණට ප්‍රසිද්ධියේ අවමන් කරයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍යයේ සංචාරයක නියැලුණු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් විසින් එංගලන්තයේ දෙවන එලිසබත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බවට එරට මාධ්‍ය චෝදනා කරනවා.

සිය එංගලන්ත සංචාරය අතර වාරයේදී දෙවන එලිසබත් මහ රැජිණ හමුවීමට ජනාධිපති ට්‍රම්ප් ඊයේ (13) බකිංහැම් මාලිගයට පැමිණ ඇත්තේ විනාඩි 15 ක් ප්‍රමාද වීම මෙහිදී කැපී පෙනෙන සිදුවීම වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා පැමිණෙන තෙක් එලිසබත් මහ රැජිණ, මාලිගයෙන් පිටත පිහිටි වේදිකාවට වී අසුන් ගෙන සිට ඇති බවත් එංගලන්තයට මේ දිනවල බලපා තිබෙන අව්රශ්මිය හේතුවෙන් පිඩා විදිමින් සිටි බවයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ. 

ප්‍රමාද වී පැමිණි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද මෙලනියා ට්‍රම්ප් බ්‍රිතාන්‍ය මහ රැජිණට ආචාර කිරීමේදී අනුගමනය කරනු ලබන රාජකීය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් රැජිණට ආචාර කර ඇති බවයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් රැජිණ ඉදිරියේ හිස මදක් පහත් කොට ඇයට ආචාර කිරීම සහ කාන්තාවක් රැජිණට ආචාර කරන විට දන හිස මඳක් නැමීම සිදුකළ යුතු වනවා. 

නමුත් මෙහිදී ජනපති ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් රැජිණට සුහදව අතට ඇත දීමක් පමණක් සිදුකර ඇති බවත් එය රාජකීය සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක් බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

ඉන් තෙවන සිදුවීම වන්නේ දෙවන එලිසබත් මහ රැජිණ විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයාට හමුදා ආචාර පෙළපාලිය පරික්ෂා කිරීමට ආරාධනා කළ අවස්ථාවේදී ඔහු රැජිණට පෙර එම ස්ථානයට යාමට මද දුරක් ගමන් කර පසුව රැජිණ පසුකර යාම නිසා නතර වී තිබෙනවා. එරට මාධ්‍ය සදහන් කරන්නේ රැජිණට පිටුපා ගමන් කිරීම මගින්ද ජනාධිපති ට්‍රම්ප් රාජකීය සම්ප්‍රදායන්ට අගෞරව කර ඇති බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව එරට රට වැසියන් පවා සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

සිය දෙදින නිල සංවාරය තුලදී ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ " බ්‍රිතාන්‍ය තමාව නොපිළිගන්නා බවක් හැගෙනවා" යනුවෙන් බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර තිබුනා.