Saturday, April 27, 2024

General line - 0115112241

ෆේස්බුක් පාස්වර්ඩ් සොරා ගැනීමේ කූට උපක්‍රමයක් - ඔබත් ප්‍රවේශම් වන්න

දිල්ශාන් තුෂාර




ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා තැනැත්තන්ගේ දත්ත සොරා ගන්නා තවත් කූට උපක‍්‍රමයක් පිළිබඳ නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන්නේ තමන් වෙතද ඒ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

මෙම කූට උපක‍්‍රමයෙන් ආරක්ෂාවීමට නම් ෆේස්බුක් වෙබ් අඩවියට ලොග් වී සිටින අවස්ථාවක එම වෙබ් අඩවිය සඳහාම නැවතත් යුසර් නේම් සහ පාස්වර්ඩ් ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳ නැවත විමසිමත් වන්නැයි මෙහිදී සිහි කැඳවීමක්ද කෙරුණා. පූර්ව ආරක්ෂණ ක‍්‍රියාකර ගැනීමෙන් වෙනත් තැනැත්තෙුකු විසින් තමන්ගේ දත්ත සොරා ගැනීමෙන් ආරක්ෂා විය හැකි බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

එහි ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මෙම නවතම කූට උපක‍්‍රමය කුමක්දැයි  වැඩිදුරටත් පැහැදිලි කළා.