Friday, April 26, 2024

General line - 0115112241

LTTEය නිෂ්පාදනය කළ ''පාසිලන්-2000'' මතුවෙයි (PHOTOS)

දිනසේන රතුගමගේ




එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින්ම නිෂ්පාදනය කොට ''පාසිලන්-2000'' වශයෙන් නම් කරණ ලද මෝටාර් උණ්ඩ දෙකක් ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (18) සවස මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ළිඳක තිබී නාවික හමුදාව හා පොලීසිය විසින් ගොඩ ගෙන තිබෙනවා.

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව පුදුකුඩීඉරිප්පු පොලීසිය මෙම යුද උපකරණ පිළිබදව දැනුවත් කොට ලබාගත් අධිකරණ නියෝගයක් මත ළිඳ තුළ කැණීම් කටයුතු සිදු කරද්දී මෙම මෝටාර් උණ්ඩ හමු වී තිබුණා.

ඊයේ රාත්‍රිය වන තෙක්ම සිදුකළ කැනීම්වල අවසන් අදියරේදී මෙම පාසිලාන් වර්ගයේ මෝටාර් උණ්ඩ හමුවී ඇති අතර තවත් ඒවැනි යුධ උපකරණ තිබේදැයි සොයා අද (19) දිනයේත් කැනීම් සිදු කෙරෙනවා.