Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය ධාවනය තවමත් යථා තත්ත්වයට පත් වී නැහැ (UPDATE)

නිශාන් ද සිල්වා




අඩාල වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක තෙල් ටැංකියක් පීලි පැනීම නිසා එහි දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා. ඒ අනුව පිළිමතලාව සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය මේ වනවිටත් සිදු නොවන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. 

----------------------------

දුම්රියක තෙල් ටැංකිය පීළි පනී

(19-07-2018 07:40)

 

දුම්රියක තෙල් ටැංකියක් පීළි පැනීමට ලක්ව තිබෙනවා.

පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය පීළි පැනීම සිදුව ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙනවා.