Friday, April 26, 2024

General line - 0115112241

කාන්තා පහස හා මත්පැන් සඳහා ලක්ෂ ගණනක් මුදල් හා භාණ්ඩ සොරකම් කළ IRCකාරයෙකු අත්අඩංගුවට




නමගිය කොල්ලකරුවෙකු විසින් කාන්තාවන්ගේ පහස විඳිම හා මත්පැන් පානය සඳහා  මාවනැල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරකට රාත්‍රි කාලයේදී ඇතුළුවී සති දෙකකට ආසන්න කාලයක් තුළ එම ස්ථානවලින් රුපියල් හත්ලක්ෂ හතලිස් දහසක් වටිනා මුදල් හා භාණ්ඩ තොගයක් මංකොල්ල කෑම සම්බන්ධයෙන්, මාවනැල්ල පොලිසිය විසින් මහනුවර ප්‍රදේශයේ සැගවී සිටි සැකකරුවකු අත්තඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර මාවනැල්ල කොට්ටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට පසුව මහනුවර කටුගස්තොට ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන එම් ආර් එම් ෆාරීස් නැමති පනස්හය හැවිරිදි අදාල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් 3,30,000 වටිනා ලැප්ටොප් යන්ත්‍ර තුනක් රුපියල් 60,000 වටිනා ටැබ් දෙකක් ඩෝන්ගල් දෙකක් රන් මුද්දක් මුදල් සේප්පු යතුරු දෙකක් සහ ග්‍රයින්ඩරයක්ද සොයාගෙන ඇති අතර මංකොල්ලකා ඇති රුපියල් හාරලක්ෂ පනස් දහසක් වූ මුදල ඔහු විසින් ඒ වන විටත් වියදම්කර තිබෙනවා.

මෙම මුදල ඔහු වැයකර ඇත්තේ මත්පැන් සඳහා සහ ලැගුම්හල් වලට කාන්තාවන් කැඳවාගෙන ගොස් ඔවුන්ගේ පහස ලැබීමට බවත්, එක් කාන්තාවක් වෙනුවෙන් දිනකට රුපියල් 15000 සිට 30000 දක්වා  වැයකර ඇති බවද  අණාවරණය වී තිබෙනවා.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වූ මොහු මීට පෙර ප්‍රදේශ ගනනාවක සොරකම් හා මංකොල්ල කෑම් රැසක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 28කට ආසන්න කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණ නැවත එවැනිම වැදි සිදුකොට  අවුරුදු 3 1/2ක් බන්ධනාගාරගතව සිට මාස 2 1/2ට පමණ පෙර නිදහස ලබා පැමිණ මෙම සොරකම් සිදුකර ඇති බවද පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී හෙලිකරගෙන ඇත.

අත්තඩංගුවට පත් සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් එල් කේ මහින්ද ලියනගම වෙත 18 වෙනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අගෝස්තු පළවෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

කෑගල්ල පොලිස් අධිකාරි වාමික පී වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි මාවනැල්ල පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම් ජී ඩී නිලංග ගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් එම් එස් මංජුල පියතිස්ස පොලිස් පරික්ෂක ආර් එම් ඒ රණසිංහ පොලිස් සැරයන්වරුන් වන 6055 සේනානායක 23282 ජයසිංහ 42683 ලක්පඳූර පොලිස් කොස්තාපල්වරුන් වන 56534 සෙල්ටන් 39267 පුෂ්පකුමාර විසින් මේ පිළිබඳ පරික්ෂණ කටයුතු තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා.