Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් ප්‍රවෘත්ති කලමණාකරු ගැන සාවද්‍ය තොරුතුරු ඇමති ෆොන්සේකා පාර්ලිමේන්තුවට කියයි (VIDEO)

ඩිල්ෂාන් මඩවල/දිල්ශාන් තුෂාර




නෙත් එෆ් එම් රේඩියෝව පෞද්ගලික දේශපාලන සබඳතා අනුව ප‍්‍රවෘත්ති පළ කරන බවට අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන චෝදනා නෙත් නිවුස් ප‍්‍රතික්ෂේප කරනවා. සිය රාජකාරී වෙනුවෙන් දේශපාලඥයන් සමග ගනුදෙනු කිරීමට මාධ්‍යවේදීන්ට සිදුවීම සාමාන්‍ය තත්වයක්. මාධ්‍යවේදී හේමන්ත කහවලගේ ද ප්‍රවෘත්ති කළමනාකරු ලෙස රාජකාරීමය අවශ්‍යතා සඳහා පමණක් සෑම තරාතිරමකම දේශපාලඥයින් සමග එවැනි සම්බන්ධතා පවත්වනවා. 

අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉහත චෝදනාව කරන්නේ මාධ්‍යවේදී හේමන්ත කහවලගේ ද සිටින ඡායාරූපයක් ද ගෙනහැර දක්වමින්. එම ඡායාරූපය ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැත්වූ දිනට පසු දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාමයේ පිහිටි නිවසේදී ලබාගත් එකක් බවද අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියා. කෙසේ වෙතත් එදින මාධ්‍යවේදී හේමන්ත කහවලගේ රැඳී සිටියේ නෙත් නිවුස් මැතිවරණ වාර්තාකරණය අධීක්ෂණය කරමින් නෙත් නිවුස් කණ්ඩායම සමග නෙන් නිවුස් කාර්යාලයේයි.

අදාළ ඡායාරූපය වෙනත් රාජකාරී කටයුත්තක් අවස්ථාවකදී කිසියම් තැනැත්තෙකු විසින් ලබාගත් එකක් වනවා.