Friday, April 26, 2024

General line - 0115112241

දයාසිරිට ඇමතිකමක්?

හේමන්ත කහවලගේ




හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර නැවත ආණ්ඩුවට එක්වුවහොත් ඔහුට අමාත්‍ය ධුරයක් ද හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය ද දයාසිරි ජයසේකරට ලබාදීමට යෝජනා වී ඇති බවයි මීට පෙර ප‍්‍රකාශ වූයේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මීළඟට රැස්වන දිනයේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇතැයි ද දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවා. 

මේ අතර දයාසිරි ජයසේකර මීට පෙර ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය තමන්ට ලැබුණහොත් ජනාධිපතිවරයා සමග එක්ව පක්ෂය යළි ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.