Friday, April 26, 2024

General line - 0115112241

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කි‍්‍රඩාංගනය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් අද

දිල්ශාන් තුෂාර




ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රකට් කි‍්‍රඩාංගනය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද (21) පෙරවරු 10.00ට ගාලු බස්නැවතුම්පොළ අසල  විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ ගාල්ල දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ මේ වසරේ බහරේන්හි පැවති ලෝක උරුම පිළිබඳ සමුළුවේදී ගාල්ල නගරය ආශ්‍රීත ලෝක උරුමය සම්බන්ධයෙන් එකම වචනයක්වත් කතා කරලා නැතැයි ඔහු පවසනවා. යුනෙස්කෝව සහ ලෝක උරුම සංවිධානය ඉදිරියට දමමින් ආණ්ඩුව මේ ගෙන යන ප්‍රයෝගයට එරෙහිව විරෝධතාව සඳහා එක්වන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩංගනය ඉවත් කිරීමට මෙතෙක් තිරණයක් ගෙන නොමැති බවට ආණ්ඩුව දැන් සිදු කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බවද වෛද්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් පෙන්වා දුන්නා.