Saturday, April 27, 2024

General line - 0115112241

ගාල්ල ක්‍රීඩාංගනය ඉවත් කරන්න දෙන්නේ නැහැ - ඇමති අමරවීර

රවීන්ද්‍ර චන්ද්‍රලාල්/කසුන් කැළුම්




ගාල්ල නගරයෙන් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉවත් කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මේ පිළිබදව ජනාධිපතිවරයාද දැනුවත් කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ. 


මේ අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ඉවත් කිරීමට විරෝධය පාමින් ගාල්ල නගරයේ අද (21) විරෝධතාවක්ද පැවැත්වුණා. ගාල්ල කී‍්‍රඩාංගණයේ ප‍්‍රධාන පිවිසුම අසලට එක්ව ඊට විරෝධය දැක්වූ පිරිස පසුව පා ගමනින් ගාල්ල ප‍්‍රධාන බස් නැවතුම්පොල වෙත පැමිණියා.


මෙම විරෝධතාවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන චන්දිම වීරක්කොඩි, රමේෂ් පතිරණ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගීතා කුමාරසිංහද එක්ව සිටියා. 

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩිද මෙහිදී අදහස් පළ කළා.

ගාල්ල කී‍්‍රඩාංගණය පිළිබදව කටුනායකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ එම කී‍්‍රඩාංගණය ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බවයි.


දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්ප කුමාර ගාල්ල කී‍්‍රඩාංගණය පිළිබදව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදි කවියකින් මෙලෙස අදහස් පළ කළා.