Friday, April 26, 2024

General line - 0115112241

උතුරේ බැංකුවල මුදල් ගැන අගමැති කළ හෙළිදරව්ව

තරංග රුක්ෂාන් ජයසේකර




උතුරට ඩයස්පෝරාවෙන් ලැබුණු මුදල් එහි බැංකුවල සුරක්ෂිතව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව යටතේ යාපනයේ ඇතිවූ ස්ථාවරත්වය හේතුවෙන් උතුරේ බැංකුවල තැන්පත් මුදල් රුපියල් බිලියන 100 ඉක්මවා ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ. 

මෙම මුදල් යළිත් යාපනයේම ආයෝජනය කළ යුතු බවත් තමා විශාල ආයෝජනයක් කළොත් ඒ ප්‍රාග්ධන ආයෝජනය මෙන් තුන් ගුණයක ප්‍රමාණයකට ආදායම් බදු නොගෙනා සිටිය හැකි බවද සඳහන් කළා.

තවද "යුද්ධය නිසා උතුර විනාශ වූණා. ඒ විනාශය නිසා ජනතාවගේ ප්‍රාග්ධනයත් නැති වුණා. ප්‍රාග්ධනයේ විකල්පය වුණ රත්තරන්..ඒවත් නැති වුණා. දැන් අවශ්‍යවන්නේ ඒ ප්‍රාග්ධනය ඇති කිරීමයි." යනුවෙන්ද සඳහන් කළා. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනය දිස්ති‍්‍රක් ‘‘එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා’’ වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට අද (22) එක්වෙමින්.