Friday, April 26, 2024

General line - 0115112241

ආචාර්ය තිස්ස ගුණවර්ධන දිවිමගෙන් සමුගනී




ප‍්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 85ක්.

නාට්‍යවේදීයෙකු මෙන්ම චිත‍්‍ර සහ මූර්ති ශිල්පියෙකු ලෙසද ආචාර්ය තිස්ස ගුණවර්ධන කටයුතු කළා.

ඔහු නිර්මාණය කළ මොණරවිල, වාඩිය, සමනළ කන්ද හා දුටුගැමුණු රසිකයින් අතර ජනපි‍්‍රයත්වයට පත්වූ නාට්‍ය අතරින් කිහිපයක්. ගුරුවරයෙකු ලෙස ආචාර්ය තිස්ස ගුණවර්ධන පෙන්වා දුන් මග ඔස්සේ යමින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දක්ෂයින් රැසක්ද බිහිවුණා. 

මොරටුව වේල්ස් කුමර විදුහලේ වේදිකා නාට්‍ය අංශ ගුරුවරයා ලෙස තිස්ස ගුනවර්ධන මහතා දීර්ඝ කාලයක් කටයුතු කළා.