Friday, April 26, 2024

General line - 0115112241

16යේ කණ්ඩායමට ඒකාබද්ධයේ ඇති සැබෑ විරෝධය හෙළිකරයි

සජිත් තිලකරත්න




ආණ්ඩුවෙන් ඉවත්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විරෝධය පළ කිරීමට සැබෑ හේතුව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම හෙළි කළා.

ඒ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

එහිදී "මම හිතන්නේ මේ 16 දෙනා ආපු එක විපක්ෂයට ලොකු හයියක්.. නමුත් ඒකාබද්ධ විපක්ෂයට පොඩි තර්ජනයක් තියෙනවා..නැත්තේ නෑ.. මැතිවරණවලදී..උදාහරණයක් ලෙස පළාත් සභා මැතිවරණයේදී.. ආපු කට්ටිය නෙමෙයි ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඉල්ලනවා නම් අවුරුදු 03ක් ඉවසගෙන හිටපු පහළ මට්ටමේ කට්ටියට (ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු, සභාපතිවරු ) අසාධාරණයක් වෙයිද කියන සැකයක් හැම එක්කෙනා තුළම තියෙනවා. දයාසිරි හොඳ මනුස්සයෙක්.. එයා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියේ ලේකම්කම ගන්න කියලා.. සමහරවිට ඒක ඒකාබද්ධ විපක්ෂයට හයියක් වෙන්නත් බැරි නෑ...ඉදිරි මැතිවරණවලදී." යනුවෙන් සඳහන් කළා. 

ඔහු කියා සිටියේ 16යේ කණ්ඩායම පැමිණිමේ වාසිය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි. 

ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම විරෝධය එල්ල වී තම අරමුණ ඉටු නොවන්නේ නම් තමා දේශපාලනයෙන් සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බඞ්ලිවි. ඞී. ජේ. සෙනෙවිරත්න ඉකුත් දා නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කළා. එහෙත් කලකිරීම් තිබුණද ඔහු වැනි දේශපාලඥයෙකු සිටීම තම කණ්ඩායමේ ගමනට ශක්තියක් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම කියා සිටියේ.