Friday, April 26, 2024

General line - 0115112241

ළඟදීම එන අලුත් කෝච්චි

දිල්ශාන් තුෂාර




තවත් මාස කිහිපයක් ඇතුළත අලූත් දුම්රිය මැදිරි, එන්ජින් සහ බලවේග කට්ටල ගණනාවක්, ධාවනයට එක් කරන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා වන මූලික කටයුතු දැනටත් සිදු කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ. 

අදාළ දුම්රිය මැදිරි චීනයෙන් සහ ඉන්දියාවෙන් මිලදී ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 


මේ අතර දැනට ධාවනය කෙරෙන දුම්රිය සියල්ලම පාහේ දෝෂ සහිත බවයි ඉකුත් දා කෙරුණු වැඩවර්ජනය අවස්ථාවේ දුම්රිය එන්ජින් රියදුරන් පැවසුවේ. ධාවනය අතරවාරයේ දුම්රිය කාර්මික දෝෂවලට ලක්වූ අවස්ථාද ඉකුත් සමයේ නිතර වාර්තා වුණා.