Saturday, April 27, 2024

General line - 0115112241

ඊජිප්තුවෙන් අන්තර්ජාල භාවිතයට දැඩි නීති

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අන්තර්ජාල භාවිතයට දැඩි සීමා පැනවීමට ඊජිප්තුව තීරණය කර තිබෙනවා. ඊට අදාළ නව නීතියක් ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට තර්ජනයක් වන වෙබ් අඩවි සියල්ල අවහිර කරනු ඇති. එම වෙබ් අඩවි පවත්වාගෙන යාම හෝ ඒ වෙත පිවිසීම සිරදඩුවම් ලැබිය හැකි හෝ දඩ පැනවිය හැකි වරදක් වන බවටයි ප‍්‍රකාශ කර ඇත්තේ. 

අන්තර්ජාල අපරාධ මැඩලීම එහි ප‍්‍රධාන අරමුණ බව ඊජිප්තු රජය පවසනවා. කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ සියලූ දේශපාලන විරෝධතා මැඩපැවැත්වීම මෙහි අරමුණ බවයි. 

ඇතැම් වාර්තාවලට අනුව දැනටමත් ඊජිප්තු රජය වෙබ් අඩවි 500කට අධික සංඛ්‍යාවක් අවහිර කර තිබෙනවා.