Saturday, April 27, 2024

General line - 0115112241

91ක් හැවිරිදි කාන්තාවකට පහරදුන් දොස්තර

හේමන්ත කහවලගේ/ පසන් වික්‍රමතිලක




හම්බන්තොට රෝහලේ දී සැත්කමක් අතරතුර වෛද්‍යවරයෙකු තමන්ට පහරදුන් බවට 91 හැවිරිදි කාන්තාවක් පොලිසියට කර තිබූ පැමිණිල්ල ඇය විසින්ම ඉවත් කර ගෙන තිබෙනවා.

ඒ පිළිබඳ කළ විමසීමකදී ඇගේ පුතණුවන් පැවසුවේ වෛද්‍යවරයා සමග සමථයකට එළඹි බවයි.

චෝදනාවට ලක්වූ වෛද්‍යවරයා නොමිලේ ප‍්‍රතිකාර කිරීම ඇතුළු සමාජ සේවා රැසක යෙදී සිටින බවද සඳහන් කෙරුණා.

පහරදීමෙන් තම මෑණියන්ට සිදු වූ තුවාල පිළිබඳව ද ඉතා ඕනෑකමින් සොයා බැලූ බවද ඔහු පැවසුවා.