Saturday, April 27, 2024

General line - 0115112241

බන්ධනාගාර රැඳීවියන් මාරුව දිගටම - අධිකරණ ඇමතිනිය

සමන්ත කුමාර




බන්ධනාගාර රැඳවියන් මාරු කිරීම ඉදිරියේද සිදු කරන බව අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (20) ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින්. 

කාන්තා රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග ඊයේ යළි විරෝධතාවක නිරත වුණා. කලහකාරීව හැසිරුණු රැඳවියන් පනස් දෙදෙනෙකු පසුව ස්ථාන මාරු කළා. දැනුම් දීමකින් තොරව එලෙස රැඳවියන් මාරු කර හැකිදැයි මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්ණ කිරීමට අමාත්‍ය තලතා අතුකෝරළ දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.

බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය මෙහිදී අදහස් පළ කළා.

අමාත්‍ය තලතා අතුකෝරළ මෙම අදහස් පළ කළේ මූල්‍ය අක‍්‍රමිකතා නඩු කඩිනම් කිරීම සඳහා ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ ති‍්‍රත්වයේ පළමුවැන්න අද (21) පෙරවරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. 

මහාධිකරණය විවෘත කිරිම සහ ඉදිරි නඩු කටයුතු පිළිබඳ අමාත්‍යවරිය එහිදී අදහස් පළ කළේ මෙලෙසයි. 

විශේෂ මහාධිකරණ ති‍්‍රත්වයේ පළමුවැන්න අද විවෘත කෙරුණේ අලූත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ‍්‍රයේදීයි.