Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ වෙඩි පත්තු කළ දෙදෙනෙකු අත්අඩංගුවට




කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයක ඉකුත් දිනවල සිදුවූ වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර, ජම්පටාවීදිය හා ආමර්වීදියේදී සිදුවූ වෙඩි තැබීම්වලින් සිව් දෙනෙකු ඝාතනය කර ඇත්තේ මේ අතර සිටින එක් අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

කොස්මල්ලී නමැත්තාගේ කදින් වෙන් කළ හිස අලූත්කඬේ ප‍්‍රදේශයේ ස්ථානයකට ගෙනැවිත් දමා ඇත්තේද ඔහු බව පොලීසිය ප‍්‍රකාශ කළා. සෙල්විගේ පුතා නමින් හඳුන්වන මෙම සැකකරු 21 හැවිරිදි අයෙක්.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරු ඔහුගේ සහෝදරයා බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25වනදා දක්වා රඳවාගෙන ප‍්‍රශ්ණ කිරීමට අවසර හිමිවී තිබෙනවා.