Friday, April 26, 2024

General line - 0115112241

ජපන් ආරක්ෂක ඇමති තී‍්‍රකුණාමල වරායේ සංචාරයක




තී‍්‍රකුණාමල ප‍්‍රදේශයේ සංචාරය කර තී‍්‍රකුණාමල වරාය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදේරා පවසනවා. ඒ, අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසුණු අවස්ථාවේදීයි. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ ශී‍්‍ර ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තර කර ගැනීමට අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම වැදගත් බවයි. ඉදිරි වසර 20දී බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල් සීග‍්‍ර වර්ධනයක් ලබන හෙයින් ප‍්‍රදේශයේ කේන්ද්‍රීය වරාය බවට තී‍්‍රකුණාමල වරාය පත්වන බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවුණා. එහිදී දෙරට අතර පවතින සමුද්‍රීය අරක්ෂාව පිළිබඳ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ අවදානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. සංචාරයේදී ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේද සංචාරයක නිරත වීමට නියමිතයි.