Friday, April 26, 2024

General line - 0115112241

සඳ ගැන පවතින මතයට නව බලාපොරොත්තුවක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සඳ මතුපිට ජිවය පැවතිය හැකි බවට පළවන මත සඳහා නව බලාපොරොත්තුවක් එක් කරමින් සඳ මතුපිට ජලය පවතින බවට විද්‍යාඥයින් පිරිසක් අනාවරණයක් සිදු කර තිබෙනවා.

එම විද්‍යාඥයින් පවසන්නේ සඳෙහි මතුපිට පෘෂ්ඨය තුළ අයිස් ලෙස ඝණව පවතින ජල තට්ටු පවතින බවට සාක්ෂි පවතින බවයි.

මෙම අයිස තට්ටු සඳෙහි උතුරු හා දකුණු අර්ධයන් ද්විත්වයෙහිම පවතින බවයි එම විද්‍යාඥයින් පිරිස වැඩිදුරටත් පවසන්නේ. 2008 - 2009 යන කාලය තුළදී සඳ ගවේෂණයෙහි නියැලූනු ඉන්දියාවට අයත් 'චන්ද්‍රයාන් වන්' නමැති අභ්‍යවකාශ යානය මගින් මෙම තොරතුරු හෙළිදරව් කර ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්.