Saturday, April 27, 2024

General line - 0115112241

තැන් තුනක මුදල් කොල්ලකෑමේ සිද්ධි තුනක්

ලලිත් චාමින්ද /ජූඩ් සමන්ත




වැලිගම, දෙණිපිටිය ප‍්‍රදේශයේදී රුපියල් ලක්ෂ 12ක මුදල් කොල්ලයක් සිදුව ඇතැයි පොලීසිය පවසනවා. ඒ, අද (22) අලුයම 02.00ට පමණයි.

මෙලෙස කොල්ලකා ඇත්තේ එළවළු ව්‍යාපාරිකයෙකු සතු මුදල් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එළවළු මිලදී ගැනීම සඳහා නුවරඑළිය බලා යාමට ඔහු වෑන් රථයට නැගීමට යමින් සිටි අවස්ථාවේ මෙම කොල්ලය සිදුව තිබුණා.

මාතර ගන්දර ප‍්‍රදේශයේදීද බැංකුවක් කොල්ලකා රුපියල් ලක්ෂ 03ක මුදලක් පැහැර ගෙන තිබුණේ ඊයේ (21) පස්වරුවේයි.

මේ අතර මාදම්පේ - නව නගරයේදී රුපියල් 4,75,000 ක මුදලක් කොල්ලකා පලා යාමට උත්සාහ කළ තරුණයෙකුව එම ස්ථානයේ සිටි අය විසින් අල්ලා ගෙන මාදම්පේ පොලීසියට බාර දීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ (21) රාත්‍රි 7.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබෙනවා.

කල්පිටිය - කන්දකුලියේ පදිංචිකරුවෙකු තමන්ට අයත් වෑන් රථයක් කුලියාපිටිය ප්‍රදේශයේදී අලවි කර ඉන් ලද මුදලින් කොටසක් කල් බදු සමාගමකට ගෙවා ඉතිරි මුදල රැගෙන යාමේදී මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.