Saturday, April 27, 2024

General line - 0115112241

ඉරානයේ ප්‍රභල භුකම්පනයක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බටහිර ඉරානයේ ක්‍රමෙන්ෂා ප්‍රාන්තයේ අද (26) අලුයම සිදුවූ මැග්නිටියුඩ් ඒකක 5.9ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම භූමිකම්පාවට පසුව එම ප්‍රදේශයේ තවත් පසුකම්පන දෙකක් සිදුව ඇති බවයි අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරන්නේ. එම පසුකම්පනයන්ද මැග්නිටියුඩ් ඒකක 3 ට වඩා වැඩි අගයකින් යුක්ත වුවා.

භූමිකම්පාවෙන් හානියට පත්වූ ජනතාවට සහන සැලසීමට සහන කණ්ඩායම් 05ක් ක්‍රමෙන්ෂා ප්‍රාන්තයට පිටත් කර යවා ඇති බව ඉරාන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර සිටිනවා.

මේ අතර ඉරානයට බලපෑ භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉරාකයේ බැග්ඩෑග් අගනුවරටද දැනුණු බවයි ඉරාක මාධ්‍ය සදහන් කර සිටියේ.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ක්‍රමෙන්ෂා ප්‍රාන්තයේ සිදුවූ මැග්නිටියුඩ් 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් එහි පුද්ගලයින් 530 දෙනෙක් මියගොස් තවත් දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.