Friday, April 26, 2024

General line - 0115112241

බුවනෙක සහ සචින් ජය නොලැබුවත් අභිමානය රකියි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ පිරිමි බැඩ්මින්ටන් යුගල ඉසව්වේ අවසන් පූර්ව තරගය පිළිබද ශී‍්‍ර ලංකාව තැබූ බලාපොරොත්තු අද (26) බිද වැටුණා. 

ඒ අද පස්වරුවේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේදී සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක ලෝක ශූර චීන කී‍්‍රඩකයින් දෙදෙනා හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජය වීමත් සමගයි. 

ලෝක ශූර චීන කි‍්‍රඩකයින් දෙදෙනාට දැඩි අභියෝගයක් එල්ල කළ සචින් සහ බුවනෙක එම ඉසව්වේ දක්ෂතම කණ්ඩායම් අට අතරට පිවිසීම ශී‍්‍ර ලංකාව ලැබූ ජයග‍්‍රහණයක්. 

පළමු වටය චීන කී‍්‍රඩකයින් දෙදෙනා ජය ගත්තේ 21ට 12ක් ලෙසයි. දෙවන වටයේදී සාර්ථකව චීන ක‍්‍රීඩකයන්ට මුහුණ දුන් සචින් සහ බුවනක වරෙක ඉදිරියෙන්ද පසු වුණා. කෙසේ වෙතත් දෙවන වටය අවසන් වුයේ 21 ට 15ක් ලෙස චීන කී‍්‍රඩකයන් දෙපලට ජයග‍්‍රහණය අත්කර දෙමින්.