Saturday, April 27, 2024

General line - 0115112241

මීටර් 400 පදක්කම් බලාපොරොත්තුව බිද වැටේ

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශි‍්‍ර ලාංකිකයින් වැඩි බලාපොරොත්තු දල්වා සිටි පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් තරගය අද (26) පස්වරුවේ ජකාර්තා නුවර ප‍්‍රධාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.

කෙසේ වෙතත් ඊට සුදුසුකම් ලබා සිටි ශී‍්‍ර ලංකාවේ කාලිංග කුමාරගේට අවසන් තරගයේදී හිමි වූයේ 8 වන ස්ථානයයි.

පළමුවන මංතීරුවෙන් තරග වැදුණු කාලිංගගේ තරග නිමි කාලය තත්පර 46.49ක් ලෙස සටහන් වුණා. පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ රන් පදක්කම කටාර් කී‍්‍රඩකයෙකු විසින් දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දීය කී‍්‍රඩකයෙකු විසින් දිනා ගත්තා. ලෝකඩ පදක්කම හිමිවූයේ බහරේන් කි‍්‍රඩකයෙකුටයි.