Wednesday, May 8, 2024

General line - 0115112241

DMK නව නායකයා ස්ටාලින්

සමන්ත කුමාර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය ඩී එම් කේ පක්ෂයේ නව නායකයා ලෙස හිටපු මහ ඇමති එම් කරුණානිධිගේ දෙවන පුත‍්‍රයා වන එම් කේ ස්ටාලින් (65) අද පත්වුණා. ඒ, ඩී. එම්.කේ පක්ෂයේ මහ සභා රැස්වීමේදීයි. එහිදී බහුතරයකගේ කැමැත්තෙන් ඔහු පක්ෂ නායකත්වයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

පසුගියදා හිටපු මහ ඇමති එම් කරුණානිධි අභාවප‍්‍රාප්ත වීම හේතුවෙන් ඞී එම් කේ පක්ෂයේ නායකත්වය පුරප්පාඩු වී පැවතුණා. ඔහු වසර 49ක් පුරා ඩී එම් කේ නායකත්වය දරා තිබෙනවා.