Friday, April 26, 2024

General line - 0115112241

අපිට අත්දැකීම් මදි - අපි දිව්වේ ඔලිම්පික්, ඩයමන්ඩ් ලීග් දුවපු අය එක්ක

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශී‍්‍ර ලංකා මීටර් හාරසියය හතර පිරිමි කණ්ඩායම ආසියානු කී‍්‍රඩා උළෙලේ ඊයේ (30) දැක් වූ දක්ෂතාව කාගේත් පැසසුමට ලක්ව තිබෙනවා. අවසන් තරගයේදී ඔවුන් සිවුවැන්නා ලෙස තරගය නිම කළේ ශී‍්‍ර ලංකා වාර්තාවට තත්පර 0.03ක් මෙපිටින් සිටිමින්. මෙම ඉසව්වේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අරුණ දර්ශන, අජිත් පේ‍්‍රමකුමාර, පසිදු කොඩිකාර සහ කාලිංග කුමාරගේ මෙම ඉසව්ව නිම කළේ විනාඩි 3 යි තත්පර 2.74ක දක්ෂතාවක් වාර්තා කරමින්.

මෙම දක්ෂතාව වාර්තා වූයේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා ඉතිහාසයේ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ වාර්තා වූ දෙවන හොදම කාලය ලෙසයි.

මෙම දක්ෂතාව පිළිබද පසිදු කොඩිකාර නෙත් ස්පෝර්ට්ස්මන් වෙත මෙලෙස අදහස් දැක්වූවා. - දුවපු කාලය ගත්තම ගොඩාක් සතුටුයි. හැබැයි කනිෂ්ඨ කී‍්‍රඩකයෝ හැටියට අපි අපිට පුලූවන් උපරිමය කළා. කනගාටුයි මේ වගේ හොද කාලයක් දුවලා පදක්කමක් නැති වුණ එක ගැන. අපිත් එක්ක දුවපු අනිත් කී‍්‍රඩකයෝ ගත්තම ඔවුන් ඉතාමත් ඉදිරියෙන් ඉන්නේ. එයාලා ඔක්කම ඩයමන්ඞ් ලීග් ඔලිම්පික් දුවල් අය. එයාලා මේ තරගාවලියට සැලසුම් සහගතව ආව අය. අපේ කණ්ඩායම ආසියානු කී‍්‍රඩා උළෙල ළංවෙලා සංචිත ගත කරලා තමයි සූදානම් කළේ. එකට පුහුණුවීම් කළේත් ඊට පස්සේ. මාසයකට කලින් වත් අපි හතර දෙනා එකට පුුහුණුවීම් කළා නම් අපිට මෙම ඉසව්වේ පදක්කමක් කරා යන්නට තිබුණා.