Friday, April 26, 2024

General line - 0115112241

මුහුදේ පාවෙමින් තිබු අභිරහස් නෞකාවේ ප්‍රහේලිකාව විසදෙයි (PHOTOS/UPDATE)

දිනුක් හේවාවිතාරණ




මියන්මාරයේ යැංන්ගුන් මුහුදු තිරයේ පාවෙමින් තිබියදි එරට ධිවරයින් පිරිසකට හමුවු අභිරහස් නෞකාවේ ප්‍රහේලිකාව විසදා ගැනිමට එරට බළධාරින් සමත්ව තිබෙනවා.

මියන්මාර නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දුනිසියාවට අයත් මෙම නෞකාව ටග් යාත්‍රාවක් මගින් කැබලි කිරිම සදහා බංග්ලාදේශය කරා රැගෙන යමින් තිබු එකක් බවයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම නෞකාවේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් එය අත්හැර දැමිමට එහි කර්ය මණ්ඩලය තිරණය කර තිබෙනවා.

ටග් යාත්‍රාව මගින් නෞකාව ඇදගෙන යමින් තිබියදි මුහුන පෑමට සිදුවු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ටග් යාත්‍රාව හා නෞකාව සම්බන්ධ කර තිබු කේබල් දෙකක් කැඩි ගොස් ඇති අතර ඒ හේතුවෙන් නැව අත්හැර දමා ඇති බවට කරුණු හෙළිවි තිබෙනවා.

එම නෞකාවේ සිටි 13 දෙනෙක් ගෙන් යුත් කාර්ය මණ්ඩලය හා නැව බංග්ලාදේශය කරා ඇදගෙන යමින් තිබු ටග් යාත්‍රාව මියන්මාර නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර එහිදි මෙම අභිරහස් නෞකාව ගැන සත්‍ය තොරතුරු අනාවරණය වි තිබෙනවා.

මිටර් 177ක් දිගින් යුත් මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහනය කිරිමට යොදාගෙන ඇති බවට කරුණු හෙළිවි තිබුනා. 

    

....................................

මුහුදේ පාවෙමින් තිබු අද්භූත නැවක් සොයා ගැනේ (PHOTOS)

01-09-2018 07:02

මියන්මාරයේ රැන්ගුන් මුහුදු සිමාවේ පාවෙමින් තිබු විශාල නැවක් පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

මීටර් 177 කට වඩා දිගින් යුත් මෙම නෞකාව ඉන්දුනීසියානු ධජය සහිත එකක් වන අතර එය " Sam Ratulangi PB 1600" ලෙස නම් කර ඇති බවයි මියන්මාර පොලිසිය සදහන් කරන්නේ.

නෞකාව තුල කිසිදු පුද්ගලයෙක් හෝ භාණ්ඩ නොතිබූ අතර මියන්මාර ධිවරයින් මිට දින කිහිපයකට පෙර මුහුදේ පාවෙමින් තිබු මෙම අද්භූත නෞකාව දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

ජාත්‍යන්තර නැව් ගමනාගමනය පිලිබඳ දත්ත රැස් කරනු ලබන වෙබ් අඩවියට අනුව මෙම නෞකාව අවසන් වරට සිය ගමනාන්තය ලෙස සටහන් කර ඇත්තේ තායිවානයේදී වන අතර ඒ 2009 වසරේදීයි.

මියන්මාර බලධාරීන් සදහන් කරන්නේ මෙම නෞකාව තවමත් යාත්‍රා කළ හැකි හොද මට්ටමේ පවතින බවත් මේ ආකාරයෙන් අත්හැර දමා යාමට කුමන හෝ හේතුවක් ඇති බවයි.

නැව් ලියාපදිංචි කිරීමේ ජාත්‍යන්තර තොරතුරු වලට අනුව මෙය 2001 වසරේදී නිෂ්පාදනය කරන ලද එකක් වන අතර එය කන්ටේනර් බහාලුම් ප්‍රවාහනය සදහා යොදා ගෙන ඇති බවට හෙළිවී ඇත.