Saturday, April 27, 2024

General line - 0115112241

චීනය ආසියානු කී‍්‍රඩා උළලේ ශූරයින් වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




අද අවසන් වන ආසියානු කී‍්‍රඩා උළලේ ශූරයින් බවට පත්වීමට  චීනය සමත් වී තිබෙනවා. ඒ, රන් පදක්කම් 132 ක්, රිදී පදක්කම් 92 ක් සහ ලෝකඩ පදක්කම් 65 ක් සමග සමස්ත පදක්කම් 289 ක් දිනා ගනිමින්. රන් පදක්කම් 75 ක් සමග සමස්ත පදක්කම් 205 ක් දිනූ ජපානය දෙවන ස්ථානයට පත් වුණා. රන් පදක්කම් 49 ක් සමග කොරියාව 3 වන ස්ථානයේත්, රන් පදක්කම් 31 ක් සමග ඉන්දුනීසියාව සිව් වන ස්ථානයේත් රන් පදක්කම් 21 ක් සමග උස්බකිස්තානය 5 වන ස්ථානයේත් පසු වනවා. රන් පදක්කම් 15 ක් දිනූ ඉන්දියාවට හිමිවූයේ 8 වන ස්ථානයයි.

සමස්ත තරගාවලියට සහභාගි වූ මුළු රටවල් සංඛ්‍යාව 45 ක්. එහිදී රටවල් 37 ක් කුමන හෝ පදක්කමක් දිනාගත්තා. ශී‍්‍ර ලංකාව අයත් වුයේ කිසිදු පදක්කමක් දිනා නොගත් රටවල් අතලොස්සටයි. සිරියාව, මියන්මාරය, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය හා නේපාලයද කුමන හෝ පදක්කමක් දිනා ගැනීම කැපී පෙනුනා. ශී‍්‍ර ලංකාවට කිසිදු පදක්කමක් දිනාගත නොහැකි වූ සිව්වන ආසියානු කී‍්‍රඩා උළෙලද මෙය වනවා.